කොරෝනා හැදුනු දරුවන් තුනක් පුත්තලමෙන් අයි ඩී එච් රෝහලට
කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී ඇති පුත්තලම සහිරා ජාතික පාසලේ නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි දරුවන් තිදෙනෙකුව ප්‍රතිකාර සදහා 05 වැනිදා සවස කොළඹ අයි.ඩී.එච්.රෝහලට පිටත් කර හරින ලද බව සෞඛ්‍ය නිලධාරීන් සදහන් කරයි.
මෙසේ ප්‍රතිකාර සදහා පිටත් කර හරින ලද්දේ වයසඅ වුරුදු 8 ක් සහ 5 ක් වන ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරු 11 වන පිරිමි දරුවෙකි. හලාවත මහා රෝහල වෙත ගෙනවිත් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් තිදෙනාට කොරෝනා වෛසරය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.
මෙම දරුවන්ගේ පියා කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීම නිසා පසුගිය 31 වැනිදා පුත්තලම සහිරා ජාතික පාසලේ නීරෝධායන මධ්‍යස්ථානයේ සිට කොළඹ අයි.ඩී.එච්.රෝහලට පිටත් කර යවා ඇත.
එම අයද ඉන්දුනීසියාවේ සංචාරයක් සදහා ගොස් මෙරටට පැමිණ සිටි අයෙකු බවට හදුනා ගෙන සිටි අයෙකි.
ජුඩ් සමන්ත.
