News

කොවිඩ්ට මුහුණ දුන් ආකාරය නිසා ලංකාවට ඉහළම තක්සේරුවක්

කොවිඩ්-19 වෛරසය මර්දනය සඳහා නිසි නායකත්වයක් ලබා දීමෙන් ‘බෝවන රෝග සඳහා ගෝලීය ප්‍රතිචාර (GRID) දර්ශකයේ’ ඉහළ තක්සේරුවක් ලබා ඇති රටවල 10 අතරට එක්වීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

ඕස්ට්‍රේලියාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් ‘කොවිඩ්-19 අර්බුදයේ ගෝලීය නායකත්ව ප්‍රතිචාරය සොයා ගැනීම’ මැයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව ශ්‍රී ලංකාව අදාළ දර්ශකයේ 10 වැනි ස්ථානයේ රැඳී ඇත.

කොවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂමව හා පලදායී ලෙස පවතීද යන්න මෙම ශ්‍රේණිගත කිරීම සඳහා පදනම් කර ගෙන ඇත.

ශ්‍රී ලංකාව සතුව ඇති නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධති හේතුවෙන් රට සතුව ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් පවතින බවත් වෛරසය පිටුදැකීම සඳහා එය මනා පිටිවහලක් වී ඇති බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

නයන තරංග ගමගේ