News

කොවිඩ් ආසාදනයේ ආරම්භය ගැන තවත් මතයක්

කොවිඩ් ආසාදනයේ ආරම්භය ගැන තවත් මතයක්

කොවිඩ් -19 වෛරසය මනුෂ්‍යයන්ට ආසාදනය වීම සිදුව තිබෙන්නේ සතුන් හරහාය යන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය සකස්කළ වර්තාවක සඳහන්ය.

කෙසේ නමත් එය මසකට වඩා වැඩි කාලයක් මිනිසුන් අතර පැතිරෙමින් පවතින්නට ඇති බව වාර්තාවේ සඳහන් වේ. අනතුරුව ආසාදිතයන් වශයෙන් 2019 දෙසැම්බර් මාසයේ හඳුනා ගන්නට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එසේම වෛරසය “විද්‍යාගාරයක් ඔස්සේ පැතිරුණා” යන මතය පිළිගැනීම අපහසු බවත් කොරෝනා වෛරසයේ මූලාශ්‍රය සම්බන්ධයෙන් සොයාබැලූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ කණ්ඩායම සඳහන් කර ඇත.

වෛරසයේ මූලාශ්‍රය සතෙක් වියහැකි බවත් කැළයෙන් අල්ලාගෙන සත්ත්ව ගොවිපොළක ඇතිකළ සතෙක් හරහා එම වෛරසය මිනිසුන් අතරට ගොස් තිබෙන බවත් සඳහන් ය.

වවුලෙක් මගින් ආසාදනය වීමක් සම්බන්ධයෙන් වාර්තාවේ සඳහන්ව නැත.

කෙසේ නමුත් මෙතෙක් පිළිගෙන තිබූ මතය වන්නේ වවුල් විශේෂයක් වියහැකි ය යන්න බවය.

මේ අතර SARS-CoV-2 වෛරසය “කබල්ලෑවා” තුළ ද හමුවී තිබෙන අතර එම සත්වයාගේ මාංශ ශීතකරණයක තිබී සොයාගැනීම හරහා ඒ ආකාරයෙන් වෛරසය පැතිරී යන්න ඇත්දැයි අනෙක් මතයයි .