කොවිඩ් ආසාදනය වූ 447කට සුවයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 447දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසය මෙරට තුළ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 76,961ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් මේ දක්වා හදුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 81467ක් වන අතර, ඉන් ආසාදිතයින් 4049දෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 457කි.