කොවිඩ් කඩුල්ල පැනීම මිස ඡන්දයකට මෙය අවස්ථාව නොවේ
කොවිඩ් කඩුල්ල පැනීමට මිස ඡන්දයක් සඳහා මේ අවස්ථාවේ ප‍්‍රමුඛතාවය දිය යුතු නැතැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (16) ප‍්‍රකාශ කළහ.
කොළඹ අගරදගුරු නිළ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප‍්‍රකාශ කළේ කොවිඞ් වෛරසය ව්‍යාප්තවීම මෙතෙක් අවසන්ව නැති බවය.
රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇතැයි පැවසිය නොහැකි බවද ඡන්දයක් පැවැත්විය යුත්තේ වෛරසය පැතිරීම සහ බෝවීම නතරවූ දවසක යැයිද කීය.
ශ‍්‍රී ලංකාවට සමීපම රට වන ඉන්දියාවේ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බව කී උන්වහන්සේ එරටින් මෙය යළි මෙරටට පැමිණිය හැකි නිසා ප‍්‍රවේශම් විය යුතු බවද කාදිනල් හිමියෝ පැවැසූහ.
අජිත් අලහකෝන්
