News

කොවිඩ් ගැන අඛණ්ඩව පර්යේෂණ කළ යුත්තේ ඇයි ?

කොවිඩ් ගැන අඛණ්ඩව පර්යේෂණ කළ යුත්තේ ඇයි ?

කොවිඩ් 19 වෛරසය නිරන්තරයෙන් විකෘතීන්ට බඳුන්වීම නිසා අඛණ්ඩව පර්යේෂණ කරමින් කොවිඩ් එන්නත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් අවධාරණය කරයි.

කොවිඩ් 19 මර්දන එන්නත් මේ වනවිට වඩාත් සාධනීය ප්‍රතිඵල ලබාදෙමින් පැවතිය ද අඛණ්ඩව එය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දී තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වයි.

කොවිඩ් වෛරසය කැපීපෙනන වේගයකින් වෙස්වීම්වලට බඳුන්වෙමින් ඇති බැවින් ඉදිරියේදී ලොවපුරා කලාප රැසකින් නව කොවිඩ් ප්‍රභේද හමුවෙනු ඇතැයි ද ඒ පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින්ගේ මතය වේ.