කොවිඩ් පරදන්න දේශීය වෛද්‍ය පර්යේෂණයක්
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මේ වන විට දේශීය විශේෂඥ වෛද්‍යවරුන් පර්යේෂණ ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ආයුර්වේදයට අනුව ජ්වර(උණ) රෝග විශාල සංඛ්‍යාවක් තිබෙන බවත් මෙම උණ කුමන කාණ්ඩයට අයත් වන්නක් ද යන්න හඳුනා ගැනීමෙන් පසුව සුවකළ හැකි ඖෂධ ප්‍රකාශ කළ හැකියැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ටී. වීරත්න පැවසීය.
වසර දහස් ගණනක් පැරණි ඖෂධ අප සතුව පවතින බැවින් ඕනෑම උණ රෝගයක් සුව කළ හැකි ඖෂධ ද ඒ අතර පවතින්නේ යැයි හෙතෙම කීය.
බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු යැයි කියාගන්නා ඇතැම් රටවල් පවා මේ වන විට දේශීය ඖෂධ සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කර තිබෙන නමුත් අපිට එසේ ඖෂධ සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ කොරෝනාව නමැති උණ රෝගය කුමන කාණ්ඩයට අයත් වූවක් ද යන්න සොයා ගැනීම පමණක් යැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ශ්‍රියානි විජේසිංහ
