කොවිඩ් ප්‍රභේද මුහුදෙන් ලංකාවට පැමිණීමේ අවදානමක්
බහුදින ධීවර යාත්‍රා මගින් ධීවර කටයුතුවල නිරතවන පුද්ගලයින් හරහා විවිධ කොවිඩ් 19 ප්‍රභේද මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින යාත්‍රා සහ අනෙකුත් යාත්‍රාවල පැමිණෙන පුද්ගලයින්ට නිසි ආකාර නිරෝධායන ක්‍රමවේදයක් හෝ පර්යේෂණයකට භාජනය කරන බවක් පෙන්නෙන්නට නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
අන්තර්ජාතික මුහුදේදී සහ අනෙකුත් ප්‍රදේශ වලදී විදේශිකයින් සමඟ නොයෙකුත් නීත්‍යානුකූල නොවන ගණුදෙනු වල ඇතැම් ධීවරයින් නිරත වන අතර එම නිසා විවිධ රටවල පවතින කොවිඩ් 19 ප්‍රභේද මෙරටට පැමිණීමේ අවදානමක් තිබෙන බව එම සංගමය සඳහන් කරයි.
මේ අවදානම් කණ්ඩායම් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ යුතු අතර ඔවුන් යම් අවදානම් ක්‍රියාවල නිරත වී තිබෙන බවට යම් සාධක තිබේ නම් අනිවාර්යයෙන්ම නිරෝධායන යට ලක් කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.