කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්තය 77000 ඉක්මවයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 664දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසය මෙරට තුළ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 77,625ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් මේ දක්වා හදුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 81933ක් වන අතර, ඉන් ආසාදිතයින් 3385දෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 459කි.