News

කොස්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිගේ හා කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම්

පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කර ඇත.

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකරු සිර මැදිරිය තුළ සිට මත්පැන් පානය කරන දර්ශන සමාජ මාධ්‍ය පළවීමෙන් එය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත එම ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගාල්ල දිසාව භාර නියෝජය පොලිස්පති අධීක්ෂණය යටතේ අදාළ සිද්ධිය පිළිබඳව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.