කොහුවල පිළිස්සී මියගිය තරුණයාගේ අනන්‍යතාව හෙළිවෙයි
කොහුවල මෝටර් රථයක් තුළ තිබී සොයාගත් පිළිස්සුනු මළසිරුර ව්‍යාපාරික තරුණයාගේ බවට ඩී.එන්.ඒ. පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොහුවල භාතිය මාවතේ පදිංචි 33 හැවිරිදි නසාර් මොහොමඩ් නැමැති ව්‍යාපාරිකයෙකි.
එම තරුණයාගේ දෙමව්පියන්ගේ සහ මියගිය පුද්ගලයාගේ දේහයෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල සැසදීමෙන් එම මළ සිරුරේ අනන්‍යතාව තහවුරු වී තිබේ.
මිය ගිය තරුණයා දෙල්කඳ ප්‍රදේශයේ වාහන අමතර කොටස් වෙළඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.
මෙම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට(16) පැවැත්වීමට නියමිත අතර එහිදී මරණයට හේතුව අනාවරණ කර ගැනීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.