News

කොළඹ අවට චීන ජාතිකයන්ට එන්නත ලබාදී අවසානයි

කොළඹ අවට චීන ජාතිකයන්ට එන්නත ලබාදී අවසානයි

වරාය නගරයේ සේවය කරන චීන ජාතිකයින් 1000කට “සිනෝෆාම්“ එන්නත ලබාදීමට අද (06) දින පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අනුව අද (06) දිනට පසුව කොළඹ නගරය අවට සිටින චීන ජාතිකයන් එන්නත්කරණයට ලක්කර අවසන් බව සඳහන් ය.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කර ඇත්තේ ඊයේ (05) දින එන්නත් 1,083 චීන ජාතිකයන්ට ලබාදීම සිදුකළ බවත්, අද (06) එනත්කරණය දෙවන දිනය වන බවත් සඳහන් කර තිබේ.

එසේම වැඩි දුරටත් කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනිය වැඩි දුරටත් සඳහන් කරන්නේ මේ අනුව කොළඹ නගරයේ සිටින සියලු චීන ජාතිකයන් එන්ත් කරන වැඩසටහනට ලක්ව ඇති බවය.