News

කොළඹ අහඹු PCR පරීක්ෂණ

කොළඹ නගරයේ අහඹු ලෙස තෝරාගත් ස්ථානවල සේවකයින්ගේ පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.

ඇගලුම් කම්හල්, ඉදිකිරිම් වැඩබිම් හා වරාය ආශ්‍රීතව මෙලෙස පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට තීරණය කර ඇති අතර කොළඹ නගරයේ ඇගලුම් කම්හල්වල අඛණ්ඩව මෙම පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට තීරණය කර ඇත.

පීසීආර් පරීක්ෂණ 200 ක් අද (9) දිනය තුළ සිදුකළ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පවසයි.