News

කොළඹ ඉඩම් මිල 10%කින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරගනිමින් කරන ලද ඉඩම් තක්සේරු අනුව 2019 වසරේ දෙවැනි භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල සියයට දහයයි දශම හතරකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2018 වසරේ දෙවැනි භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය සියයට එකසිය තිස්අටයි දශම නවයක් වූ අතර, 2019 වසරේ දෙවැනි භාගයේදී එම අගයට සාපේක්ෂව ඉඩම්වල මිල වැඩි වී ඇති බව මහ බැංකුවේ සංවර්ධන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

මෙම වර්ධනය සඳහා ඉඩම් තක්සේරු දර්ශකයේ අනු දර්ශක වන නේවාසික, වාණිජ හා කාර්මික යන අංශ තුනක්ම ඉහළ යාම මේ සඳහා බලපා ඇති බව සඳහන්ය.

 

ක්‍රිෂ්ණ ඩී. එදිරිසිංහ