Update : කොළඹ-කටුනායක අධිවේගය නැවත දැනුම් දෙන තුරු වසයි
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
සීදුව ප්‍රදේශයේ කසළ ගොඩක පැතිර යන ගින්නක් හේතුවෙන් ඇති වු දුමාරය මත කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල පිවිසුමේ සිට කටුනායක පිවිසුම දක්වා කොටස වාහන ගමනා ගමනයට තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළේය.
නමුත් මේ වන විට ඇති වූ දුමාරය ප්‍රදේශය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමන් කිරීමට දැඩි ලෙස බාධා එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පොලීසිය පවසයි.
Time – 3.40pm
කොළඹ – කටුනායක අධිවේගයේ කොටසක් තාවකාලිකව වැසෙයි
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල සිට කටුනායක දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබේ.
ඒ සීදුව ප්‍රදේශයක පැතිර යන ගින්නක් හේතුවෙනි.
මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේය කොළඹ සිට කටුනායක දක්වා අධිවේගයේ ධාවනය වන සියලුම රථ වාහන ජා-ඇල පිටවීමේ දොරටුවෙන් පිටවිය යුතු බවයි.
කටුනායක අධිවේගයෙන් කොළඹ දෙසට ධාවනය වන වාහන ජා-ඇල ප්‍රවේශ දොරටුවෙන් ඇතුළු වී කොළඹ දෙසට ධාවනය කළ හැක.
