කොළඹ කොටුවට පැමිණෙන දුම්රියන් ප්‍රමාදයි
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය 50කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
පාලක මැදිරිය සදහන් කළේ කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 50ක් මෙලෙස ප්‍රමාද වූ බවයි.
කෙසේ වෙතත් එම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බව ද දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.
මේ අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරුන්, රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව සිටින බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කළේය.
