නවතම ප්‍රවෘත්ති

“කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2018” සැප් 30 දක්වා

පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන “කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය” දෙවැනි දිනටත් අද (22වැනිදා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනයට මෙවර ප්‍රදර්ශන කුටි 400ක් පමණ අතුළත්ය.

දිවයිනේ ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ආයතන මෙන්ම චීනය, ජපානය, ඉන්දියාව, ජර්මනිය, එංගලන්තය වැනි විදේශීය රටවල පොත් ප්‍රකාශන ආයතන 30ක් පමණ මෙම පොත් ප‍්‍රදර්ශනය සදහා එක්ව සිටින අතර සෑම දිනකම නව පොත් එළිදැක්වීම්, සාහිත්‍ය සංවාද, රාත්‍රී සංස්කෘතික වැඩසටහන් හා සංගීත වැඩසටහන් ආදියද පැවැත්වෙයි

ඡායාරූපය – ලලිත් පෙරේරා