කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් කොරෝනා රෝගීන්ට
මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්ත්වය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල වෙතින්ද ලබා දීමේ අරමුණින්, අද(23) එම රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කර ඇත.
රෝහලෙහි වෛද්‍ය දැඩිසත්කාර ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය වන පරිදි කොටසක් වෙන් කිරීමට මෙහිදී කටයුතු කරමින් පවතී.
