News

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන්ට නොමිලේ වට්ටක්කා

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන්ට අද සිට නොමිලේ වට්ටක්කා බෙදා හැරීමට කටයුතු ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යල 13 ක වට්ටක්කා ටොන් 150 ක් පමණ මෙලෙස නොමිලේ බෙදාහැරීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි වට්ටක්කා මිල දී ගෙන ජනතාවට නොමිලේ බෙදා දීම සිදු කරයි.