කොළඹ කොච්චිකඩේ දේවස්ථානය තුළ සහ කොටහේනේ පිපිරීමක් : Breaking News
කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ අද(21) උදෑසන 8.45 ට පිපිරීමක් සිදුව ඇත.
එමෙන්ම කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයකද අද උදෑසන පමණ පිපිරීමක් සිදුව ඇත.
මේ වන විට කොටහේන කොචිචිකඩේ තුවාලකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වන අතර අද උදෑසන පැවති දේව මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වෙයි.
ඒ වන විට විශාල පිපිරිසක් දේවස්ථානය තුළ රැඳී සිට ඇති බව ද වාර්තා වන අතර මේ වන විට තුවාලකරුවන් සියලු දෙනා ඉතා ඉක්මනින් ජාතික රෝහල වෙත යොමු කරමින් පවතින බව වාර්තා වෙයි.
මේ අතර තවත් පිපිරීම් දෙකක් කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමඩ් ග්‍රෑන්ඩ් හොටල්වලත් සිදුව ඇත.