News

කොළඹ නගරයට ඇතුළු වන පාලම් කිහිපයක් පිපිරවීමට සැලැස්මක්

ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු පවසයි.

මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ පිහිටි සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්‍ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත‍්‍රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බුද්ධි තොරතුරු වලින් වාර්තා වන්නේ කොළඹ නගරයට ඇතුළු වන පාලම් කිහිපයක් පුපුරුවා හැරීමට සැලසුම් කර ඇති බවය.

ඒ අනුව යුද හමුදාවත් අනෙකුත් ආරක්‍ෂක හමුදාත් එක්ව, පොලිසියේ ද සහයෝගය ඇතිව විශේෂ සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම කෙරෙන බවත් ත‍්‍රස්තවාදීන්, ඔවුන්ගේ සැඟවෙන තිප්පොළවල්, පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ මෙන්ම අනෙකුත් යුධෝපකරණ සොයන බවත් යුද හමුදාව විසින් නිකුත කරන ලද නිවේදනයක සටහන් කර ඇත.