කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජලසැපයුම අත්හිටුවයි
කටුනායක, සීදූව, ජාඇල, වත්තල මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට අද පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සදහන් කළේ කැලණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
ඉහත නගර සභා බල ප්‍රදේශ වලට අමතරව ජා ඇල ප්‍රාදේශීය සභාව, වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටවනු ඇති.
එම රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ දියගම ළමා නගරය යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටවනු ඇති.
