News

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 09,14 සහ නවගම්පුර ප්‍රදේශයට හෙට (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

කොළඹ 13 සහ 15 යන ප්‍රදේශ වලට අඩු පීඩනයකින් ජල සැපයුම ලබා දෙන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.