News

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (25) රාත්‍රී 8 සිට අනිද්දා (26) උදෑසන 5 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශයන් ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.