News

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජලය නැහැ

අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (02) පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (02) පෙරවරු 9 සිට 3 වැනිදා අළුයම 3 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

එම මණ්ඩලය සඳහන් කළේ කොටහේන, ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර, මට්ටක්කුලිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.