News

කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්

කොළඹ පුරහල ප්‍රදේශයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මේ වන විට එම ප්‍රදේශයේ පැවැත්වෙන සෞඛ්‍ය සේවකයින්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.