News

කොළඹ රථ වාහන තදබදය පාලනයට ත්‍රිවිධ හමුදාවම එක්වෙයි

කොළඹ නගරය අවට පවතින රථ වාහන තදබදය පාලනයට පොලිසියේ සහයට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ගුවන් හමුදා පොලිසිය යෙදවීමට තීරණය කර තිඛේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා යුධ හමුදාවට අමතරව ගුවන් සහ නාවික හමුදා පොලිසිය රථ වාහන හැසිරවීමට යොදවා ඇති බවයි.

මුලික වශයෙන් රථ වාහන පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසිය රථ වාහන හැසිරවීමට එක් කිරිමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කර තිබුණා.