කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24ක ජාල කප්පාදුවක්
කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත, නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ඇති.
කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත.
