නවතම ප්‍රවෘත්ති

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැ`දවියන්ට වඩා නිලධාරින්ට පහසුකම් නැහැ

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ කාන්තා අංශයට සාපේක්ෂව එහි සේවකයින්ට අවම සනීපාරක්ෂක පහසුකම්වත් නැති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
කාන්තා බන්ධනාගාරයේ 340කට ආසන්න රැ`දවියන් පිරිසකට එක් සිරකුටියකට එක් වැසිකිළිය බැගින් වැසිකිළි 12ක් හා පිටත තවත් වැසිකළි තුනක් පමණ ඇතත් එහි නිලධාරින් 350කට ඇත්තේ වැසිකිළි හයක් පමණි.
මැගසින් බන්ධනාගාරයේ තනිකඩ නිලධාරින්ගේ නිල නිවාසයේ 250ක් පමණ නිලධාරින්ගේ පාවිච්යට ඇත්තේ ද වැසිකිළි හතරකි.