කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 16ක් අඩු පීඩනය යටතේ ජලය සැපයේ
කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද (23) පස්වරු 6.00 සිට පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (24) පෙරවරු 10.00 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලටත් මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.
මීට අමතරව කොළඹ 3,4,5,6 සහ හෝකන්දර යන ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවනු ඇති.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජල සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි බිද වැටීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
