News

කොළඹ හෝර්ටන් පෙදෙසේ දැඩි රථවාහන තද බදයක්

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් නිසා කොළඹ හෝර්ටන් පෙදෙසේ දැඩි රථවාහන තද බදයක් හට ගෙන ඇත.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයෙන් ආරම්භ කර ඇති මෙම විරෝධතා පා ගමන මේ වන විට හෝර්ටන් පෙදෙස හරහා ගමන් කරමින් සිටින බැවින් මෙම රථ වාහන තදබදය හට ගෙන ඇත.

‍සිසු කම්කරු පොදුජන අරගලය මැඩලීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනත පැරදීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කිරීම වැනි ඉල්ලීම් රැසක් වෙනුවෙන් මොවුන් මෙම වි‍රෝධතාවය සංවිධානය කර ඇත.