News

කොළොන්නාව තෙල් ගබඩාව තුළ සේවකයෙකු මරුට

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු තෙල් ටැංකියකින් ඇද වැටී මියගොස් ඇත.

පොලීසිය පැවසුවේ අද (14) පෙරවරුවේ අදාළ පුද්ගලයා තෙල් ටැංකියේ ධාරිතාව පරික්ෂා කිරීමට යාමේදී ඉන් ඇදවැටී ඇති බවයි.

අනතුරුව ඔහු ප්‍රතිකාර සදහා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙල්ගොඩ ප්‍ර‌දේශයේ පදිංචි වයස අවුරුදු 54 පුද්ගලයෙකි.