News

කෝට්ටේ, කඩුවෙල හා මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද අලුයම සිට පස්වරු 3.00 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

කෝට්ටේ ජුබිලි ජල තටාකයට ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක් ඊට හේතු වී ඇති අතර මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශයටත්, කොළඹ 5, 7 සහ 8 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.

එමෙන්ම කොළඹ 3, 4 සහ 6 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.