කෝට්ටේ 35දෙනෙකුට ඩෙංගු රතු නිවේදන
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ ඊයේ (30) සිදුකළ හදිසි ඩෙංගු වැටලීමකදී 35 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ නිවාස 300ක් මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී මදුරු කීටයන් බෝවන ආකාරයට සිය නිවාස පරිශ්‍රයන් පවත්වාගෙන ගිය නිවැසියන් 35 දෙනෙකුට නිවේදන නිකුත් කළ බව කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
එමෙන්ම රාජගිරිය,ඇතුල්කෝට්ටේ යන ප්‍රදේශවල ධූමායන කටයුතු සිදු කර ඇති අතර අද(31) දිනයේත් ඩෙංගු පරීක්ෂණ සිදු කරන බව කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි