කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
මාරවිල දෙමටපිටිය ප්රදේශයේදී පොලිස් නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් හෙරොයින් කිලෝ එකක් (ටියුලිප් බෑගයක) තබාගෙන සිටියදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 12කට අධික බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන ලුනුවිල ප්රදේශයේ පදිංචිකරුවක් වනවා.
සැකකරු අද මාරවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.