කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්තරන් බිස්කට් තොගයක් මෙරටට ගෙනා 09ක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හතරදහස් එකසිය හැත්තෑ නවයක් (16,344,179 ) වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු ඊයේ (19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කොළඹ මරදාන , මීගමුව , සීදුව , හලාවත සහ මහනුවර යන ප්‍රදේශ වල පදිංචිකරුවන බවට සඳහන් වන අතර මෙම පිරිස ඊයේ රාත්‍රීයේ සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් සහ ඩුබායි සිට ඇත.
ඔවුන් විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු වල මෙම ස්වර්ණාභරණ තොගය සහ රත්තරන් බිස්කට් තොගයක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.