News

කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට

පුද්ගලයන් කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන 46 හැවිරිදි කාන්තාවක් නවගමුව කුලී නිවසක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියට විරුද්ධව පැමිණිලි 51ක් ලැබී ඇති අතර සැකකාරිය සන්තකයේ තිබී ග්‍රෑම් 350ක බර රන් ආභරණ, මෝටර් රථයක් ,රුපියල් 50,000ක මුදලක්, විදෙස් ගමන් බලපත්‍ර 72ක්, බැංකු පොත් 51ක් සහ ඒ. ටී. එම් කාඩ්පත් 50ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.