News

කෝටි දහතුනක කාසි අතේ

දැනට සංසරණය වන කාසි රුපියල් දහතුන් කෝටි විසිතුන් ලක්ෂ දෙසිය දහසයක (13232016) මුදලක් ඇති බව 2018 මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

ශත 1, ශත 2, ශත 5, ශත 10, ශත 25, ශත 50, රුපියල් 01, රුපියල් 02, රුපියල් 05 හා රුපියල් 10 යන කාසි එසේ සංසරණය වේ.

වැඩිම කාසි ප්‍රමාණයක් ඇත්තේ රුපියල් 5 වන අතර එහි වටිනාකම රුපියල් හාරකෝටි හතළිස් ලක්ෂ අටදහස් තුන්සිය විසි හතකි. (4408327).

අඩුම කාසි ප්‍රමාණයක් වන ශත 1 යටතේ සංසරණය වන අතර එම ප්‍රමාණය ශත 3631කි.

ඊට අමතරව ගනුදෙනු නොකරන සමරු කාසි 590240ක්ද රට පුරා සංසරණය වේ.