News

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා

අඹේපුස්ස හබරණ මාර්ගයේ වැඩ නිම කිරිම වෙනුවෙන් රුපියල් කෝටි 30ක මුදලක් නොදුන්නහොත් ඉදිරි මැතිවරණයකදී අනෙක් පාර්ශ්වයට එකතුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කරයි.

අලව්ව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සංගම් මගින් ක්‍රියාත්මක කරන ජනතාව දැනුවත් කිරීමේ පුවරුව විවෘත කිරීම උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“2015 වර්ෂයේ ආරම්භ වූ අඹේපුස්ස හබරණ ප්‍රධාන පාර හැදුවට ඒක නතර වුණා. බැංකුවේ සල්ලි නෑ කියලා. කෝටි 30ක් නැතුව මම 2015 ඉඳන් ඉල්ලන්නේ මම අන්තිමට කබිර් හෂීම් මන්ත්‍රීතුමාට කිව්වා මට මේ පාර ඡන්දෙයට කලින් හදන්න කෝටි 30ක මුදලක් නොදුන්නොත් මේ පාර ඡන්දෙ ඉල්ලන්න මම අනිත් පැත්තට යනවා කියලා. මම අලව්වටත් ලස්සන ස්ටේෂන් එකක් හදනවා යනුවෙන් ප්ප්‍රකාශ කළේය.