News

කෝටි 700යේ දියමන්ති කොල්ලය ගැන රයන්ගෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කරයි

රුපියල් කෝටි 700ක් වටිනා දියමන්තිය හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ගෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයත් ප්‍රශ්න කිරීම අරඹා ඇති බව වාර්තා වෙයි.

මදූෂ් සමඟ ඩුබායිහිදී පවත් වුනු සාදයේ සිටියදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ මොහු ඇතුළු පස්දෙනෙකු අද(04) අළුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත්තේය.