ඛනිජ නිධි ගවේෂණය සඳහා ඉන්දියානු සමාගමට බලපත්‍ර
ඛනිජ නිධි ගවේෂණය සඳහා ඉන්දියානු සමාගමක් බලපත්‍රයක් ලබාගෙන ඇතත් කිසිසේත්ම එමගින් නිධියේ අයිතිය ලබාදීමේ තීන්දුවක් මෙතෙක් ගෙන නැති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසුවේය.
කිරින්ද ඛනිජ නිධිය සම්බන්ධව මේ වන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ සම්බන්ධව පරිසර අමාත්‍යාංශය නිරීක්ෂණ සකස් කරමින් පවතින බවද ඇමැතිවරයා කීවේය.
මේ පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව කර්මාන්ත ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතය. දැනට එම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ මාගම ව්‍යාපෘතියට යැයිද ඔහු සඳහන් කළේය.
ජනතාවගේ අදහස් මත සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය ලබාදෙන තීන්දු අනුව මෙම කටයුතු සිදු කරන බවද වැඩිදුරටත් පැවැසීය.
සාලිය කුමාර ගුණසේකර