News

ගංජා කිලෝ 30ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදී ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 31ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 480 ක් සිය භාරයට ගෙන ඇති අතර සැකකරු අද (14) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත