News

ගංජා කිලෝ 38ක් සමඟ අයෙක් මාට්ටු

ඉලුප්පුකඩවෛ පොලිස් වසමේ සිප්පියාරු ප්‍රදේශයේදී පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී පොහොර කවර 02ක අසුරන ලද ගංජා පාර්සල් 18ක තිබූ ගංජා කිලෝ 38 ග්‍රෑම් 210ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු වයස 32ක්වූ මාතා නගර්, බූලන්කාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද(03) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉලුප්පුකඩවෛ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.