News

ගණිත දේශක ඇතුළු 8ක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

නිට්ටඹුව – කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත දේශක දිනේෂ් අමරතුංග ඇතුළු පුද්ගලයින් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු මස 05 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අප අධිකරණය වාර්තාකරු පැවසුවේය.