ගතවූ දින දෙකට බීමත් රියැදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට – 19774 දෙනෙකුට නඩු
ගත වූ දින දෙක තුළ බීමත් රියැදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 11 වන දා පෙරවරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වූ කාලය තුළ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළ අතර ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 289කි.
මේ අතර ගත වූ දින දෙක තුළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 19774 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලීසිය සඳහන් කළේය.