News

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකල 1015ක් අත්අඩංගුවට

අද (02) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1015දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාලසීමාව තුළ වාහන 254ක් සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කළේය.

පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 9466 කි.

අදාළ කාලසීමාව තුළ වාහන 2332 ක් පොලිස් භාරයට ගෙන තිබේ.