ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ 1264ක් අත්අඩංගුවට
අද (02) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1264දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාලසීමාව තුළ වාහන 325ක් සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කළේය.
පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 10730 කි.
අදාළ කාලසීමාව තුළ වාහන 2657 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
