ගතවූ පැය 24 තුළ චීනයෙන් කිසිදු මරණයක් වාර්තා වී නෑ
කොරෝනා (COVID-19) වෛරසයේ තිඹිරි ගෙය වූ චීනය තුළ ඊයේ (06) දිනයේ කිසිදු පුද්ගල මරණයක් වාර්තා නොවූ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
කෙසේ වෙතත් විදෙස් රටවල සිට චීනයට පැමිණි පුද්ගලයින් 32දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි චීන සෞඛ්‍ය කොමිසම විදෙස් මාධ්‍ය වෙත සදහන් කර තිබේ.
මේ වන විට චීනය තුළ පුද්ගල මරණ 3,331ක් සිදුව ඇති අතර, එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 81,740කි.
