ගමට කිරි විතරක් නෙමෙයි කැකිරිත් දෙනවා – අධ්‍යාපන ඇමති
ග්‍රාමීය පාසල්වල දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට කළ යෝජනාවට සමාගමීව කෑම වේලක් ද ලබාදීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
නොමිලේ කිරි වීදුරුවක් පාසල් දරුවන්ට ලබාදීමේ වැඩසටහන ලබන මස සිට ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
කිරි ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන ශීතකරණ පිළිබදව ද සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
ග්‍රාමීය පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාර වේලක් ලබාදීමේ යෝජනාව ද ලබන මස සිට සැළසුම් කර ඇති බව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.