ගම්පහ ප්රදේශ කිහිපයකට හෙට ජලය නැහැ
ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට හෙට (17) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෙරවරු 8.00 සිට අනිද්දා (18) පෙරවරු 8.00 දක්වා තුළ පෑලියගොඩ ,වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්රදේශ කැළණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්රාදේශිය සභා බල ප්රදේශයේ කොටසක ජල සැපයුම අත්හිටුවනු ඇති.
සපුගස්කන්ද විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ මෙලෙස ජල සැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.
